මුල්කිරිගල ගුණරත්න
අගුණකොලපැලැස්ස ,එරමිණියාට ප්‍රදේශයේ වෙළඳ සැලකට යතුරු පැදියකින් පැමිණි නාදුනන තරුණයින් දෙදෙනෙකු එහි වෙළදාම් කරමින් සිටි 70 හැවිරිදි කාන්තාවකගේ රුපියල් එක්ලක්ෂ පනස්දහසක්(150000/) වටිනා ගෙල බැදි රන්මාලය කඩාගෙන පලාගොස් ඇතැයි අගුණකොලපැලැස්ස පොලිසිය පවසයි .
ඊයේ (18) සවස 4 ට පමණ වෙළඳ සැලට පැමිණි තරුණයින් දෙදෙනෙකු වෙළදාම් කරමින් සිටි කාන්තාවට රුපියල් 50 ක් දී බීඩි ඉල්ලා පසුව ඇයගෙන් බීමට වතුර වීදුරුවක් ඉල්ලා තිබේ . මිදුලේ ඇති ජල නලයෙන් වතුර බොන ලෙස කාන්තාව ඔවුන්ට පවසා ඇත එවිට ඇය වෙළඳ සැලෙන් පිටතට පැමිණි විට තරුණයින් දෙදෙනා ගෙන් එක් අයෙකු බීඩියක් දල්වා ගැනිමට ගිණිපෙට්ටියක් ඉල්ලා තිබේ. කාන්තාව ගිණිපෙට්ටිය රැගෙන ඒමට වෙළඳ සැල තුළ ට යාමට හැරෙන විටම කොල්ලකරුවෙකු ඇය ගෙල බැදි රන්මාලය කඩාගෙන යතුරු පැදියේ නැගී පලාගොස් ඇතැයි පොලිසිය පවසයි.
සිද්ධිය පිළිබද අගුණකොලපැලැස්ස පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි .
