Spread the love


ජාඇල කදාන හා මාකෙවිට ප්‍රදේශයේ ගෙවල් බිදුම් මංකොල්ල කෑම් රැසක් සිදුකොට අධිකරණයේ වරෙන්තු 6 ක් තිබු සැකකරුවකු හෙරොයින් මිලි ගෑම් 4750 ක් සමගින් මාකෙවිට ප්‍රදේශයේදී ගම්පහ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
මාකේවිට ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව අත්අඩංගුවට ගත් මෙම සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී නිවාස වලින් සොරාගත් රුපියල් ලක්ෂ දහතුනක් වටිනා උපකරණ තොගයක් සොයා ගැනීමට හැකිවු බව ගම්පහ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක අකිල රණසිංහ මහතා පවසයි.

කදාන ප්‍රදේශයේ පදිංචි 39 වියේ පසුවු සැකකරු සොරාගත් අධි වටිනාකමින් යුතු පාපැදි 7 ක් ,ගෑස් සිලින්ඩරයක් ,ගෑස් කුකර් 4 ක්, ,වැගුම් ක්ලීනර් 1ක්,ග්‍රීල් මැෂින් 1ක්, ලැප්ටොප් එකක් සොයා ගැනීමට පොලිස් නිලධාරීන් සමත් වී ඇත.
කදාන ප්‍රදේශයේදී වෙළද සැලකින් පාපැදියක් රුපියල් 75000 කට මිලදී ගෙන පාරේ නතර කර අසල කඩයකින් බුලත් විටක් මිලදී ගැනීමට ගිය අවස්ථාවේ පාපැදිය සොරාගෙන ඉතා පොඩි මිලකට අලෙවිකර තිබියදී සොයා ගැනීමට ගම්පහ පොලීසිය සමත්වී ඇත.
සැකකරු වැඩි හරියක් නිවාස වලට පැන බඩු සොරාගෙන ඇත්තේ මාකේවිට ප්‍රදේශයෙන් බවද ප්‍රශ්න කිරීමේදී අනාවරණය කර ගෙන තිබේ.සොරාගත් බඩු භාණ්ඩ වෙළද සැල් වලට අලෙවිකර තිබියදී සොයා ගෙන ඇත.

ගම්පහ ජේෂ්ඨ පොලිස් අධිකාරී ජගත් රෝහණ,සහකාර පොලිස් අධිකාරී තුසිත කුමාර යන මහත්වරුන්ගේ උපදෙස් මත,ගම්පහ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක අකිල රණසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ ,අපරාධ අංශයේ උප පොලිස් පරීක්ෂක සමීර ලක්ෂාන්, සැරයන්වරුන්වන රෝෂාන්, 12839 ,ප්‍රේමලාල්32795 ,ප්‍රියන්ත 55431 ,කොස්තාපල්වරුන්වන සම්පත් 1451 ,මාලින්ද39627 ,ජයසිංහ80951 යන නිලධාරිහු මෙම වැටලීම සිදු කළහ..