Spread the love

රටේ ජනතාව ආර්ථිකය අතින් ඉතා දුෂ්කරතාවයකට පත්ව ඇති බැවින් ඉන්දීය රජය සමග සාකච්ඡා කොට සහනදායි ලෙස පොහොර ලබාදීමට පියවර ගන්නා බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.
මේ මොහොතේ ඔවුන්ට සහන සැළසීමට රජය ගන්නා වු ක්‍රියාමාර්ග වලට බාදා ඇතිවන ආකාරයට රාජ්‍ය නිලධාරීන් ක්‍රියා නොකළ යුතු බව ත් වැඩි දුරටත් පැවසුවේය. මෙ අදහස් පැවසුවේ කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති හමුවක දීය.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා, කෘෂි කාර්මික ප්‍රදේශයක් වන කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පසුගිය මහා කන්නයේ රසායනික පොහෝර භාවිතා නොකිරීම තුළ නිෂ්පාදනයේ අඩුවක් පවතින බව පෙනි යනබවයි. නමුත් ඒ පිළිබදව සත්‍ය තොරතුරු කොළඹට ලබා දී නොමැති බව ත් නිලධාරීන්ගේ නොසැලකිල්ල හෝ උසස් නිලධාරීන් තෘප්තිමත් කිරීමේ අරමුණු ඇතිව මෙම තක්සේරු වාර්තාව ලබාදීම හේතුවෙන් ගොවි ජනතාවට සිදු වු හානිය නිසි ලෙස වාර්තා නොකිරීම පිළිබදව කනස්සල්ලක් ගොවිජනතාව තුළ පවතින බවයි. එම නිසා උතුරු පළාතේ ගොවිජනතාවට යල් කන්නය සදහා අවශ්‍ය වන පොහොර පිළිබදව නිවැරදි තක්සේරු වාර්තාවක් තමන්ට ලබාදෙන ලෙසයි. ඒ පිලිබදව ඉන්දීය රජය සමග සාකච්ඡා කොට සහනදායි ලෙස පොහොර ලබාදීමට පියවර ගන්නා බවත් පැවසුවේය.