Spread the love

කාර්මීකරණය, නාගරීකරණය හා මහාපරිමාණයෙන් සිදු කරන සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් මෙන්ම මිනිසා අධිපාරිභෝජනයට හුරුවීමේ ප්‍රතිපලයක් ලෙස වර්තමානයේ පරිසරයට විශාල බලපෑමක් එල්ල වී තිබෙන බව සරිසර ඇමති මහින්ද අමරවිර මහතා පවසයි.
ශීතකරණ මෙන්ම වායුසමීකරණ, සුවඳ විළවුන් හා පළිබෝධ නාශක භාවිතයට හුරුවීම් ප්‍රතිපලයක් ලෙස එම තත්ත්වය අහකර ලෙස ඕසොන් ස්ථාරය හානි වීමට බලපාතිබෙනවා. මේ වසර අවසන් වනවිට ගෝලීය උණුසුම ඉහළයාම සියයට 02ට අඩු මට්ටමකට පවත්වාගෙන යාමට ජාත්‍යන්තරය විසින් දී ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිතුමන් විසින් ගන්නා ලද ක්‍රියාමාර්ග ජාත්‍යන්තරය තුළ ද ඇගයීමට ලක් කළ යුතු යයිද වැඩි දුරටත් පැවසුවේය.
ඇමතිවරයා මෙම අදහස් පළකලේ .ජාත්‍යන්තර ඕසොන් දිනය ඊයේ (16) දිනට යෙදී තිබුණු අවස්ථාවේදීය. එම දිනය සමරමින් පරිසර අමාත්‍යාංශය විසින් සමරු වැඩ සටහනක් සංවිධානය කර තිබිනි. එම අවස්ථාවට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙන්ම අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ද සහභාගි වුහ.
මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා- ජාත්‍යන්තර ඕසොන් දිනය අද දිනට යෙදී තිබෙනවා. කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා සමරු වැඩ සටහනක් පැවැත්වීමට නොහැකි වුවත් අද අපි සූම් යෙදවුම මගින් එම කටයුතු සිදු කරනවා.
මිනිසා ඇතුළු සත්ව හා ශාඛ ප්‍රජාවගේ පැවැත්ම තීරණය කරන්නේ ඕසොන් ස්ථරයයි. 1903 දී ප්‍රංශයේ රසායන විද්‍යාඥයෙක් වන චාල්ස් ෆැබ්රි Charles Fabri මහතා විසින් ඕසොන් ස්ථාරය සොයා ගත්තා. ඕසොන් යනු සියලු ජීවි පැවැත්මට ඉවහල් වන වායු ස්ථරයක්. අධික ලෙස ක්ලෝරෝ ෆ්ලොරෝ කාබන් ( CFC) හා හයිඩ්‍රෝ ක්ලෝරෝ ෆ්ලෝරෝ කාබන්( HCFC) වායු විමෝචනය මගින් ඕසොන් ස්ථරය විනාශ වෙනවා.