Spread the love

ආබාධයක් හේතුවෙන් මාස පහකට අධික කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටි ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර නැවතත් ක්‍රීඩා කිරීම ආරම්භ කර තිබේ.

ඔහු ඊයේ (28) පැවති නැෂනල් සුපර් ලීග් තරගයකට එක්වී තිබුණි.

ඒ නුවර කණ්ඩායම නියෝජනය කරමින් යාපනය කණ්ඩායමට එරෙහිව ය.

“මගේ කාෆ් එකේ ඉන්ජරි එක ආවේ. එතකොට මම හොඳටම පීක් එකේ හිටියේ. ඔක්තෝබර් 25 තමයි සර්ජරි එක කළේ.”

ඉදිරියේදී පැවැත්වෙන NSL තරග වලට ක්‍රීඩා කර සිය රිද්මය ට පැමිණීමට හැකිවෙතැයි ඔහු පැවසීය.

චමීර ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර කඩුලු 128ක් දවාගෙන තිබේ.