චීනය මෙරටට පරිත්‍යාග කළ සහල් රැගෙන පැමිණි නෞකාවේ ගොඩබෑම් කටයුතු අවසන් කළ බව මෙරට චීන තානාපති කාර්යාලය පවසයි.
මෙරටට පාසල් සිසුන් සඳහා ලබාදෙන සහල් ආධාර යටතේ මෙට්‍රික් ටොන් 10,000 ක සහල් මලු ලක්ෂයක් මෙලෙස ගොඩබා ඇති බවත් ජූනි මාසයේ සිට මේ දක්වා චීනය මෙරට සිසුන් සඳහා සහල් මෙට්‍රික් ටොන් 8,000ක් ලබා දී ඇති බවයි චීන තානාපති කාර්යාලය වැඩිදුරටත් කළේ.