Spread the love

ඩුබායි සිට මෙරටට පැමිණි චීවර ධාරියකුගේ ගමන් මල්ලේ සගවා තිබු රුපියල් මිලියන 22.5 ක් වටිනා රත්රන් හා ජංගම දුරකථන ඇතුළු උපකරණ තොගයක් රේගු නිලධාරින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් ගමන් බෑගයේ තිබී රත්රන් බිස්කට් ,රත්රන් කැබලි ,භාවිතා කරන ලද ජංගම දුරකථන ,පරිගනක,රන් ආභරණ තොගයක් සොයා ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක , රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා පවසයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නගරයේ සිට ඕමානයේ මස්කට් නගරය හරහා ඕමාන් ගුවන් සේවයේ අංක WY373 දරන ගුවන් යානයෙන් මෙරටට පැමිණි ශ්‍රී ලාංකික චීවරධාරියා තම ගමන් මල්ල තුළ පුද්ගලික භාණ්ඩ අඩංගු බවට රේගුවට අඟවා ගුවන් තොටුපල පිහිටි රේගුවට ප්‍රකාශ කිරීමට භාණ්ඩ නොමැති මගීන් සඳහා වෙන් කර ඇති හරිත මාවත (Green Channel) හරහා ගුවන් තොටුපලෙන් පිටත් වීමට උත්සාහ කර තිබුණ .පසුව ඹහුගේ හැසීරීම් රටාවේ වෙනසක් තිබු හෙයින් දැඩි පරික්ෂාවට ලක් කළ අවස්ථාවේදි අදාල උපකරණ තොගය සොයා ගැනීමට රේගු නිලධාරීන් සමත්වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකර රේගු පරීක්ෂණයක් පවත්වා රන් හා ජංගම දුරකථන රාජසන්තක කොට සැකකරුට දඩ නියම කිරීමට රේගු නිලධාරීන් පියවර ගෙන ඇත.