තමා අංක 07 ස්ථානයේ ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කළ බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව ට්විටර් සටහනක් තබමින් ධනංජය ද සිල්වා පවසයි.
ක්‍රීඩකයෙකු ලෙස තමා නිරන්තරයෙන් කණ්ඩායම සමග සිටින බවද ධනංජය නිකුත් කළ ට්විටර් සටහනේ වැඩිදුරටත් සඳහන් වෙයි.
නවසීලන්තය සමග හෙටින් (25) ආරම්භ වන තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියෙන් ධනංජය ද සිල්වා ඉවත් කොට තිබෙන බව මීට පෙර වාර්තා විය.
ඒ අංක 7 පිතිකරු ස්ථානයේ ක්‍රීඩා කිරීම ඔහු ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් බව වාර්තා වී තිබුණි.
ඒ අනුව ඔහු හෙට තරගයට ක්‍රීඩා කරන ක්‍රීඩකයින් 11 දෙනා අතරට ඇතුළත්ව නොමැත.
මේ හේතුවෙන් එක්දින තරගාවලියේ සෙසු තරග දෙක ද ධනංජය ද සිල්වාට අහිමිවනු ඇති බව වාර්තා වෙයි.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්තය අතර එක්දින තරග 3ම පැවැත්වෙන්නේ ICC සුපර් ලීග් තරගාවලිය යටතේය.
ඉන්දියාවේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ඍජුව සුදුසුකම් ලබාගැනීමට නම් ශ්‍රී ලංකා පිල මෙම තරග 3ම ජය ගත යුතුවෙයි.
දෙරට අතර හෙට පැවැත්වෙන්නේ, සියවැනි එක්දින තරගයයි.