Spread the love

පළාත් පාලන මැතිවරණය කල් දැමීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් වාරණ නියෝගයක් ලබා ගත්තේ සමගි ජන බලවේගය විසින් බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා සඳහන් කරයි.

නමුත් ආණ්ඩුව සමඟ ඩීල් දමන තවත් පිරිසක් එම තීන්දුව ලබා ගත්තේ ඔවුන් මෙන් කටයුතු කරමින් කරමින් ඇතැයිද හෙතෙම පැවසීය.

කොළඹ පාළුවට යන ඉරිදා දිනයේ විරෝධතාවයක් කළ මේ පිරිසේ අරමුණ මැතිවරණය කල් දැමීම බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලදී.