Spread the love

කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය සහ ඔමික්‍රොන් වෛරස් ප්‍රභේදය යම් අයෙකුට එකවර වැලදුනහොත් සුපිරි කොවිඩ් ප්‍රභේදයක් නි්ර්මාණය විමේ අවදානම පවතින බව ශ්වසන රෝග පිළිබඳ විශේෂඥා වෛද්‍ය චන්න ද සිල්වා මහතා පැවසීය.

එ බැවින් එළඹෙන සති දෙක තුනක කාලය තුළ ජනතාවගේ හැසිරිම් රටාව මත කොවිඩ් රෝගය ව්‍යාප්තිය තීරණය වන බව පැවසීය.උත්සව සමයේ ජනතාව වැඩි වශයෙන් වෙළඳ සැල් කරා ගමන් කිරීම හා වැඩි වශයෙන් පිරිස් ඒකරාශි වන ස්ථාන වලට යාම දැඩි අවදානම්කාරී තත්ත්වයකට හේතු වී තිබේ.

මේවන විටත් ජනතාවගේ හැසිරීම කිසිසේත් අනුමත කර නොහැකි බව විශේෂඥා වෛද්‍යවරයා පැවසීය.පවතින තත්වය අනුව ලබන ජනවාරි මාසයේ අවසන් සති කිහිපයේ කොරෝනා ආසාදිතයින්ගේ වර්ධනයක් අපේක්ෂා කර හැකි බව පැවසීය.මෙම තත්වය මඟහරවා ගැනීම සදහා හැකිතාක් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය අත්‍යවශ්‍ය බව වැඩිදුරටත් විශේෂඥා වෛද්‍යවරයා පැවසීය.