පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් උඩවලව ජලාශයේ ජල මට්ටම ඉහළ යමින් ඇතිබව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හම්බන්තොට දිස්ත්‍රික් කාර්යාලය පවසයි.
ඒ අනුව මේවනවිට ජලාශයේ ජලමට්ටම වාන් මට්ටමට ලගා වෙමින් තිබේ. හෙට (02)උදෑසන වන ව්ට තත්පරයට ඝන අඩි 6000 ට ආසන්න ජල ප්‍රමාණයක් වලවේ ගගට මුදා හැරීමට නියමිතයි.
ඒ හේතුවෙන් වළවේ ගඟ දෙපස ජනතාව දැඩි අවධානයෙන් සිටීම වැදගත් බව එම කාර්යාලය වැඩිදුරටත් පැවසීය.
