Spread the love

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මවගේ අභාවය පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශෝකය පළකර තිබේ.

මවගේ අභාවය පිළිබඳ මෝදි අග්‍රාමාත්‍යවරයා ඇතුළු පවුලේ සාමාජිකයින් වෙත සිය සංවේගය පළකරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මව වන හීරාබෙන් මෝදි ගුජරාට් හි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදි අද (30) අලුයම ජීවිතක්ෂයට පත්වුණි.

මියයන විට 99 හැවිරිදි වියෙහි පසුවු ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ගාන්ධි නගර්හි දී සිදුකරන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ මවගේ අභාවය පිළිබඳ ලෝක නායකයින් රැසක් ශෝකය පළකර තිබුණි.