Spread the love

ලබන වසරේ ජනවාරි 10 වන දින පමණ වන විට ගෑස් නෞකාවක් දිවයිනට ලඟා වීමට නියමිත බව ලාෆ් ගෑස් සමාගම පවසයි.

මේ අතර තම සමාගම ආනයනය කළ ගෑස් නෞකාවක් ලබන සතියේදී දිවයිනට ළඟා වීමට නියමිත බව ලිට්රෝ ගෑස්සමාගම සදහන් කරයි.මේ වන විට මෙරටට පැමිණි ගෑස් නෞකා 03 ක් නියමිත ප්‍රමිතීන්ට අනුකූල වීම හේතුවෙන් මුදා හැරීමට කටයුතු කර බව පාරිභෝගික සේවා අධිකාරිය සදහන් කරයි.

ඒ අතර ලිට්රෝ සමාගමට අයත් ගෑස් නෞකා 02ක් සහ ලාෆ් සමාගමට අයත් ගෑස් නෞකාවක් ඇතිබව සදහන් කරයි.

මේ අතර මෙම මස අවසන් වන තුරු මෙරටට අවශ්‍ය ගෑස් තොග පවතින බවයි.තාක්ෂණ අමාත්‍යංශයේ ලේකම් ජයන්තද සිල්වා මහතා පැවසීය.එහෙත් මේවන විට ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක ගෘහස්ථ ගෑස් හිඟයක් පවතින බව පාරිභෝගික ජනතාව පවසයි.

පවතින ගෑස් හිඟය හේතුවෙන් බොහෝ ග්‍රාමීය ජනතාව ගෑස් භාවිතයෙන් ඉවත් වී තිබේ.