Spread the love

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරුවේ කොග්ගල අහංගම ප්‍රදේශවලද සංචාරක හෝටල් කිහිපයක් නිරීක්ෂණය කළේය.

ජනාධිපතිවරයා මේ ආකාරයට නිරීක්ෂණ කටයුතු කළේ පෙර දැනුම් දීමකින් තොරව හදිසි සංචාරයක් කරමිනි.

එහිදී සංචාරක හෝටල් හිමියන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සාකච්චා කල අතර හෝටල්වල රැඳී සිටි විදේශීය සංචාරකයන් සමඟ ද අදහස් හුවමාරු කර ගත්තේය.