තීරු බදු නොගෙවා ජපානයේ සිට මෙරටට ආනයනය කරන ලද රුපියල් 300,000 ක් වටිනා විදේශීය මත්පැන් තොගයක් සමගින් එක් සැකකරුවකු ඇඹිලිපිටිය ප්‍රදේශයේදී කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් විදේශීය මත්පැන් තොගයේ විස්කි බෝතල් 25 1/2ක් වන අතර මිලි ලීටර් 48 650 ක් තිබු බව කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ,ප්‍රධාන සුරාබදු පරීක්ෂක ප්‍රමේෂ් ප්‍රනාන්දු මහතා පවසයි.
සැකකරු මෙම ජාවාරම කාලයක් තිස්සේ පවත්වාගෙන යන අතර ජපානයේ සිට භාණ්ඩ සේවා සපයන අතරතුර ඒ තුළ රහසිගත ලෙස ඇසිරීම සිදු කරමින් මෙරටට විදේශීය මත්පැන් ආනයනය කර තිබේ. මෙසේ රැගෙන එන විදේශීය මත්පැන් තමන්ට හිතු මිල ගණන් යටතේ අලෙවිකරන බවද සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී හෙලිවී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු ඉදිරියේදී ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරියේදී ඉදිිරිපත් කිරීමට නියමිතය.
සුරාබදු කොමසාරිස් ජනරාල් තුමාගේ උපදෙස් මත සුරාබදු කොමසාරිස් (නීති ක්‍රියාත්මක කිරීම) කපිල කුමාරසිංහ, නියෝජ්ය සුරාබදු කොමසාරිස් (නීති ක්‍රියාත්මක කිරීම) ගාමිණී අධිකාරී හා කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ සුරාබදු අධිකාරී එච්.ජී.ජයවර්ධන යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ , සුරාබදු ස්ථානාධිපති ,ප්‍රධාන සුරාබදු පරීක්ෂක ප්‍රිමේෂ් ප්‍රනාන්දු මහතාගේ මෙහෙයවීමෙන්, සුරාබදු පරීක්ෂක දීප්ත කුමාර , සුරාබදු සැරයන් 566 ඩයස් , සුරාබදු කෝප්රල් වරුන් වන 637 වීරසිරි, 678 ජගත් , නියාමක රියදුරු එදිරිසිංහ යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.
