Spread the love

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා ජපානය සහයෝගය ලබාදෙන බව ආසියානු සංවර්ධන බැංකුවේ පාලක මණ්ඩලයේ 56 වන වාර්ෂික රැස්වීම අමතමින් ජපාන මුදල් අමාත්‍ය සුසුකි පවසයි.

ද්වීපාර්ශ්වික ණය හිමියන් සම්බන්ධීකරණය කර ගනිමින් මෙම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සිදුකිරීමට බලාපොරොත්තු වන බවත් අනාගත ණය අර්බුදය වළක්වා ගැනීම සඳහා ණය දත්ත විනිවිදභාවය සහ නිර්වද්‍යතාවය වැඩිදියුණු කිරීම අත්‍යවශ්‍ය බවයි ජපාන මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.