Spread the love

ශ්‍රි ලංකාවේ ප්‍රථම වරයට ජලයේ හා ගොඩබිමේ ධාවනය කළ හැකි ජෙට් යාත්‍රාවක් Lguana X100 යාත්‍රාව කොළඹ වරාය නගරයේදී අද (16) එළිදැක් වූවා.

මෙම ජෙට් යාත්‍රාව Lguana X100 යාත්‍රාව කොටස් වශයෙන් ආනයන කර ශ්‍රී ලංකාවේදී එකලස් කරන බවත් මෙය නියමු ව්‍යාපෘතියක් ලෙස ශ්‍රී ලංකාවට හදුන්වා දුන් බවත් සායිල් ලංකා යාත්‍රා සමූහය පවසයි.

ගුදම් පහසුකම්, බහාලුම්, අංගන, වරාය සැපයුම් සහ බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සහ සායිල් ලංකා යාත්‍රා සමූහයේ සභාපති පියරේ ප්‍රින්ජියර්ස් යන මහත්වරුන්ගේ ප්‍රදානත්වයෙන් මෙම එළිදැක්වීම සිදුවිය.

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් මෙවැනි යාත්‍රා නිෂ්පාදනය කර ක්ෂේත්‍රයට එක් කිරිමෙන් ලංකාවේ නිෂ්පාදනය කරන යාත්‍රාඅපනයන වෙළද ජයග්‍රහනය කල හැකි බවද පැවසුවේය.