පුත්තලම ,කුරුණෑගල අනුරාධපුර හා වව්නියාව යන දිස්ත්‍රික්ක වල වාන්දොරටු විවෘත කර ඇති ජලාශ සහ වැව් ආශ්‍රිත ප්‍රදේශ වල ජනතාව විමසිලිමත් වන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ ඩී.අබේසිරිවර්ධන මහතා පැවසීය.
ඉහළ ජල දහරා ප්‍රදේශ වලට අධික වැසි ලැබීම හේතුවෙන් තවත් සතියක් පමණ එම ජලාශ සහ වැව් වල වාන් දොරටු විවෘත්තව තැබීමට සිදුවන බව පැවසීය.
මේ අතර දිස්ත්‍රික්ක 07 නිකුත් කර ඇති නාය යෑමේ පූර්ව අනතුරු ඇගවීමේ නිවේදනය අද (14) පස්වරු 04.00 දක්වා දීර්ඝ කර බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නාය යෑම් අධ්‍යන අංශයේ ජේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය වසන්ත සේනාධීර මහතා පැවසීය.
කළුතර ,මහනුවර ,මාතලේ ,නුවරඑළිය ,කෑගල්ල ,කුරුණෑගල සහ රත්නපුර දිස්ත්‍රික්ක සදහා නාය යෑමේ පූර්ව අනතුරු ඇගවීමේ නිවේදන නිකුත් කර ඇතිබව පැවසීය.
