Spread the love

සමනල වැව ජලාශයේ ජල කාන්දුවට කඩිනමින් සකස්කොට එම ව්‍යාපෘතිය සකස් කරන ලෙස අදාල බලධාරීන්හට විදුලිබල හා බලශක්ති ඇමති ගාමිණී ලොකුගේ මහතා උපදෙස් ලබාදී ඇත.


අමතිවරයා මෙසේ උපදෙස් ලබාදී ඇතතේ සමනලවැව ජලාශ ව්‍යාපෘතියේ වත්මන් තත්ත්වය සොයා බැලීම සඳහා සමනලවැව ජලාශයටත්, එම ජල කාන්දුව පවතින ස්ථානයටත්, සමනල වැව ජලවිදුලි බලාගාරයේත් නිරීක්ෂණ චාරිකාවක නිරතවු අවස්ථාවේදීය.

මන්ද මෙගාවොට් 120 ක ධාරිතාවකින් යුතු සමනලවැව විදුලි බලාගාර ව්‍යාපෘතිය 1986 වසරේදී ආරම්භ කර ඇති අතර ජලාශයට ජලය පිරවීමේ කටයුතු 1992 වසරේ දී සිදු කර ඇත. නමුත් ජලාශයේ දකුණු ඉවුරේ ජල කාන්දුවක් පවතින බව එම වර්ෂයේදීම හඳුනාගෙන ඇති අතර මෙතෙක් ජල කාන්දුවේ නිශ්චිත ගමන් මාර්ගය හඳුනා ගැනීමට නොහැකි වී තිබේ.


එම කාන්දුව හේතුවෙන් ජලාශයේ පරිමාව ජල ඝන මීටර් මිලියන 288 සීමා වී ඇති අතර සමනලවැව විදුලි බලාගාරයේ අපේක්ෂිත වාර්ෂික ජල ජනන ධාරිතාව වන ගිගාවොට් පැය 405 ගිගාවොට් පැය 70 කින් පමණ අඩු වන බව ගණන් බලා තිබේ .

ජලාශය දකුණු ඉවුර ප්‍රදේශයේ අධික ලෙස දිරාපත් වීමට ලක්වී ඇති බැවින් ජලය ඉවත්කොට කඩිනමින් පිළිසකර කරන ලෙසය. ලංකා විදුලිබල විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කර ඇති ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස පසුගියදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබිණ .

මෙහිදී එම සියලුම ස්ථානවල වත්මන් තත්ත්වය පිළිබදව සමනල වැව ජල විදුලි බලාගාර ව්‍යාපෘතිය භාර ප්‍රධාන ඉංජිනේරු V H S අඹේපිටිය මහතා විසින් දීර්ඝව කරුණු පහදා දෙනු ලැබීය .