Spread the love

පරිවැයට සරිලන ආකාරයෙන් ජල ගාස්තු සංශෝධනය කළ යුතු බව ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය පවසයි. ජලය ලීටරයක් තවමත් සත 02ක පමණ මුදලකට ජනතාව ලබාදෙන බවයි ජල ප්‍රවාහන මණ්ඩලය පවසන්නේ .

එම අගය සත 05ක් දක්වා ඉහළ දැමුවද ජල ලීටරයක් සැකසීම සඳහා යන වියදම සත 12 – 14ක් පමණ මුදලක් වැය වනු ඇත. මේ නිසා ජල සම්පාදනයේදී පිරිවැයට සරිලන ආකාරයෙන් ජල ගාස්තුව සංශෝධනය කිරීමේ අවශ්‍යතාව ඇති බවයි එම මණ්ඩලය ජල සම්පාදන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට පෙන්වා දී තිබුණා.

එහිදී සමෘද්ධි ලාභීන්, වැඩිහිටි ප්‍රජාව ඇතුළු අඩු ආදායම්ලාභීන් හැර අනෙකුත් පාර්ශ්ව සඳහා ජල ගාස්තු සංශෝධනය කිරීම පිළිබඳ අවධානය යොමු කරන බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසුවේ.