Spread the love

කෙටි පණිවිඩ මඟින් බිල්පත යොමු කිරීමට ඇති හැකියාව පිළිබඳ අවධානය යොමුව ඇතිබව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

කඩදාසි හිඟය හේතුවෙන් මුද්‍රිත ජල බිල්පත් නිකුත් කිරීම අභියෝගයක් වී තිබේ.ඒ හේතුවෙන් ඒ වෙනුවට ස්මාර්ට් ජංගම දුරකථන හිමි පාරිභෝගිකයන් මිලියන දෙක හමාරකට මෙලෙස බිල්පත් යොමු කිරීමට අවධානය යොමුව තිබේ.

ස්මාට් ජංගම දුරකතන නොමැති ජල පාරිභෝගිකයන්ට ජංගම බිල්පත් මුද්‍රණ යන්ත‍්‍ර භාවිත කර කුඩා ප‍්‍රමාණයේ බිල්පතක් ලබාදීමට ද සැළසුම් කර ඇතිබව වැඩිදුරටත් එම මණ්ඩලය සඳහන් කරයි.