Spread the love

වසර ගණනාවක සිට පිරිසිදු පානීය ජලය නොමැති වීමෙන් පීඩාවට පත්  ගාල්ල නාගොඩ යටලමත්ත නව ප්‍රජා ජල යෝජනා ක්‍රමය ජනතා අයිතියට පත්කෙරිණි.
එමගින් පවුල් 56 සෘජුවම සෙත සැලසේ.ඒ සදහා රුපියල් ලක්ෂ 26ක් වැයවූ  බව ප්‍රජා ජල සම්පාදන දෙපාර්තමේන්තුවේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලය පවසයි.පවුල් 200 සෘජුවම සෙත සැලසෙන පරිදි ජල යෝජනා ක්‍රමය පුළුල් කිරීමට නියමිතයි.

ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මංත්‍රී සම්පත් අතුකෝරල මහතා ඇතුළු පිරිසක් සහභාගි වුහ.