Spread the love

නොරොච්චෝල ගල් අගුරු බලාගාරය පූර්ණ ධාරිතාවයෙන් යුතුව ජාතික විදුලි පද්ධතියට සම්බන්ධ කර ඇති බව මහජන උපයෝගිතා කොමිසම් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.

විදුලි ඉංජිනේරුවන් විසින් (08) ඊයේ මධ්‍යම රාත්‍රි 12.00 සිට පැය කිහිපයක් ක්‍රියාත්මක කර වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් මේවන විට ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය, විමලසුරේන්ද්‍ර සහ කැණියොන් ජලවිදුලිබලාගාර 05 ක්‍රියාවිරහිතව පවතින බව පැවසීය.

මේ හේතුවෙන් එම බලාගාරවලින් උත්පාදනය කෙරෙන මෙගාවොට් 300ක ධාරිතාවය ජාතික විදුලිබල පද්ධතියට අහිමි වී තිබේ.එම ජල විදුලි බලාගාර 05 යළි ක්‍රියාත්මක කිරීමේ කටයුතු මේවන විට සිදු කරමින් ඇතිබව විදුලි ඉංජිනේරු සංගමය පවසයි.

ප්‍රදේශ රැසකට බිද වැටුණු විදුලි සැපයුම ද මේවන විට යථා තත්වයට පත්කරමින් ඇතිබව විදුලි ඉංජිනේරු සංගමය වැඩිදුරටත් පවසයි.