ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්නාධිපතිවරුන් දැනුවත් කිරීමේ තෙවන පුහුණු සැසිය ඊයේ (10) පෙරවරුවේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී පැවැත්විණ.

ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරුන් ජන්ද මධ්‍යස්ථානයන්හිදී රාජකාරි සිදු කරනු ලබන අවස්ථාවේදී පිලිපැදිය යුතු කරුණු පිලිබඳව දීර්ඝ දැනුවත් කිරීමක් මෙහිදී සිදු කෙරිණ.
මෙම අවස්ථාවට ගම්පහ දිස්ත්‍රික් ලේකම්/දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සමන් දර්ශන පාඬිකෝරාල, ගම්පහ අතිරේක දිස්ත්‍රික් ලේකම් ජේ.ඩබ්.එස්. කිත්සිරි, ගම්පහ අතිරේක දිස්ත්‍රික් ලේකම් ඩබ්.ටී.එච්.ආර්. විතාන, නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් කේ.ජේ.එස්. මාධව, සහකාර මැතිවරණ කොමසාරිස් අයන්තා ආනන්දි, සහකාර මැතිවරණ කොමසාරිස් ඉඳුනිල් බණ්ඩාර යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.