Spread the love

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225න් ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය සඳහා අදහස් හා යෝජනා ඉදිරිපත් කර තිබෙන්නේ මන්ත්‍රීවරු දෙදෙනෙක් වන විදුර වික්‍රමනායක මහතා හා සී. බී. රත්නායක මහතා පමණක් බව ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්ති මෙහෙයුම් කමිටුව සදහන් කරයි

ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය සඳහා අංශ ගණනාවකින් යෝජනා හා අදහස් ඉදිරිපත් වී තිබේ. ඒ අනුව ගොවිජන සංවිධාන විසින් නව යෝජනා 250ක්, මහවැලි අංශයෙන් යෝජනා 125ක් හා වාරිමාර්ග ක්ෂේත්‍රයෙන් යෝජනා 21ක් ද වශයෙන් ඉදිරිපත් කර තිබේ.

2050 දක්වා ඉළක්කගත කෘෂිකාර්මික සංවර්ධන වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමත්, නව කෘෂි තාක්ෂණය හා අපනයනය ඉළක්ක කර ගත් කෘෂිකර්මාන්තයක් රට තුළ ස්ථාපිත කිරීමේ අරමුණින් ගෙන ඒමට යෝජිත ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය සම්බන්ධව මන්ත්‍රීවරුන් අදහස් හා යෝජනා ඉදිරිපත් නොකිරීම සම්බන්ධව තම කණගාටුව පළ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.