Spread the love

ස්ථාවර ජාතික ප්‍රතිපත්තියක් රටට අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.ආණ්ඩු මාරුවන සෑම අවස්ථාවකදීම වෙනස් නොවන ආකාරයේ ජාතික ප්‍රථිපත්තියක් විය යුතු බවද ජනාධිපතිවරයා පැවසුවේය.

කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ ඉදිකෙරු‍ණු ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාව විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. මෙම උත්සවය සඳහා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා හිටපු සෞඛ්‍ය අමාත්‍යවරුන් හා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් රැසක් එක්ව සිටියා.