Spread the love

33 වන ජාතික යෞවන ක්‍රීඩා උළෙලට සමගාමීව 2021 වසරේ ගම්පහ දිස්ත්‍රික්  ක්‍රීඩා උළෙල ලබන 11 වන දින පෙරවරු 7.00 සිට පස්වරු 6.00 දක්වා ගම්පහ ශ්‍රී බෝධි ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මේ සඳහා ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13ම නියෝජනය කරමින් ක්‍රීඩික ක්‍රීඩිකාවන් තරග කිරීමට නියමිතය.

වාර්ෂිකව පවත්වනු ලබන මෙම ක්‍රීඩා උළෙල ජාතික තරුණ සේවා සභාව සහ ගම්පහ දිස්ත්‍රික යෞවන සමාජ සම්මේලනය එක්ව සංවිධානය කරනු ඇත.

මේ අවස්ථාවට ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරනු ලබන දේශපාලන අධිකාරිය, ගම්පහ දිස්ත්‍රික් ලේකම්, අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, ජාතික තරුණ සේවා සභාවේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගිවීමට නියමිතය.