Spread the love

රෝද සපත්තු ජාතික ශූරතාවය ‍ආධුනික ශූරතාවය,කනිශ්ඨ ශූරතා තරඟාවලිය ඊයේ (27)කැලණියේදී ආරම්භ කෙරිණ.

වාර්ෂික ශූරතාවලිය සඳහා මෙවර යාපනය දිස්ත්‍රික්කය හැර සාමාජිකත්වය දරන අනෙකුත් දිස්ත්‍රික්ක 11ම නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 200ක් පමණසහභාගී විය.

2022 වර්ෂයේ අගෝස්තුවේදී චීනයේ පැවැත්වීමට නියමිත ආසියානු රෝද සපත්තු තරගාවලිය ඉලක්ක කර ගනිමින් වාර්ෂිකව පැවැත්වෙන ශූරයින් තේරීමේ තරගාවලියේ ජයග්‍රාහකයින්, ආසියානු තරගාවලිය සඳහා සහභාගී වීමට නියමිතය.

2009 වර්ෂයේදී කොටිකාවත්ත ධර්මපාල විද්‍යාලයේ සිසුන් දෙදෙනෙකුගේ සහභාගීත්වයෙන් ආරම්භ කරන ලද ජාතික රෝද සපත්තු සංගමය (National Roller Skating Association Of Sri Lanka) මේ වන විට දිවයිනේ දිස්ත්‍රික්ක 12ක ව්‍යාප්තව පවතී. ක්‍රීඩක ක්‍රීඩිකාවන් 500ක්මෙම සංගමයේ සාමාජිකත්වය දරනු ඇත. 2010 වසරේ ජාත්‍යන්තර මව් සංගමයේ සාමාජිකත්වයත්,2015 වසරේ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලියාපදිංචියත්, 2017 වසරේ ඔලිම්පික් කමිටුවේ සාමාජිකත්වයත්, මෙම සංගමය ලබා ගෙන ඇත.

ජාතික රෝද සපත්තු තරගාවලියේ 2021 වසරේ ශූරයින් තේරීමේ තරගාවලිය ආරමිභක අවස්ථාවට ජාතික වොලිබෝල් සංගමයේ සභාපති කාංචන ජයරත්න‚ පර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතාන‚ හිටපු නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ රෝද සපත්තු සංගමයේ ලේකම් නීල් පෙරේරා ඇතුළු දිස්ත්‍රික් නියෝජිතයින් පිරිසක්ද සහභාගී විය.