Spread the love


හික්කඩුව ,මලවැන්න,හික්කඩුව ,කලුපේ ,මලවැන්න,තෙල්වත්ත ,මීටියාගොඩ යන ප්‍රදේශවල ඊයේ (15)සවස සිට අද(16) අළුයම දක්ව සෝදිසි මෙහෙයුමකදී මහා පරිමානයෙන් පවත්වා ගෙන ගිය නීති විරෝධිී මත්පැන් නිෂ්පාදනාගාර තුනක් ඇතුළුව මත්පැන් අලෙවි කරන ස්ථාන අටක් වටලා රුපියල් ලක්ෂ පහක් වටිනා මත්පැන් තොගයක් සමගින් සැකකරුවන් 11 දෙනෙකු දකුණු පලාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත


අත්අඩංගුවට ගත් මත්පැන් තොගයේ කසිස්පු මිලී ලීටර් 63000ක් ,ගෝඩා මිලි ලීටර් පන්ලක්ෂ හතලිස් දාහයි. බැරල් තම දගර ඇතුලු උපකරණ තොගයක් තිබු බව දකුණු පලාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ,ප්‍රධාන සුරාබදු පරීක්ෂක ධීර ගුණසේකර මහතා පවසයි.

නිෂ්පාදිත මත්පැන් හික්කඩුව ,මීටියාගොඩ ,බටපොල ,ගෝනපිනුවල ,අම්බලන්ගොඩ,දොඩන්දුවයන ප්‍රදේශවලට බෙදා හරින බවට සැකකරුවන් ගෙන් ප්‍රශ්න කිරිමේදී සුරාබදු නිලධාරීන් අනාවරණය කරගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් 11 දෙනාට රුපියල් ලක්ෂය බැගින් සහතික ඇපමත මුදාහැර ඇති අතර ඉදිරියේදී බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට නියමිතය.


සුරාබදු කොමසාරිස් ජෙනරාල්තුමාට ලද මහජන පැමිණිල්ලක් මත ,දකුණු පලාත් සහකාර සුරාබදු කොමසාරිස් චන්න විරක්කොඩි මහතාගේ උපදෙස් මත ,ගාල්ල සුරාබදු අධිකාරී එම්.ඩී.පි සුනිල් ශාන්ත මහතාගේ මෙහෙයවීමෙන් ,දකුණු පලාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ,ප්‍රධාන සුරාබදු පරීක්ෂක ධීර ගුණසේකර මහතාගේ අධීක්ෂණය යටතේ ,සුරාබදු පරීක්ෂක වරුන්වන චන්න කුමාර ,ලක්ෂාන් පෙරේරා,සැරයන් වරුන්වන මලින්ද සදරාජ්,විරාජ් හේමපාල,කෝප්‍රල් මෙවන් ගමගේ, නියාමක වරුන්වන උපුල් ප්‍රියංකර ,සහන් පෙරුමාබදු,රජිත මිහිරංග ,රියදුරන්වන ප්‍රසාද් සමන්ත ,හර්ෂ විදුරංග යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.