නිමල් රාජපක්ෂ–
සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ බගවන්තලාව,තලවාකැලේ හැටන්,කොටගල යන ප්‍රදේශවල සිදු කළ වැටලීම් වලදී බලපත්‍ර නොමැතිව රජයේ අනුමත අරක්කු,බියර් සහ මහ රා විකුණු සැකකරුවන් 28 දෙනෙකු හැටන් සුරාබදු නිලධාරින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ම රුපියල් එක්ලක්ෂ හැටපන්දාහස් පන්සියයක දඩ මුදලක් අයකර ගැනීමට සමත්වු බව හැටන් සුරාබදු ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක එස්.ඩී.සේනක සිල්වා මහතා පවසයි.
මධ්‍යම පළාත් සහකාර සුරාබදු කොමසාරිස් තිස්සකුමාර රාජපක්ෂ මහතාගේ උපදෙස් මත,නුවරඑළිය සුරාබදු අධිකාරි එස්.අයි.රාමනායක මහතාගේ අධීක්ෂණය යටතේ, හැටන් සුරාබදු ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක එස්.ඩී.සේනක සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් , සුරාබදු පරීක්ෂකවරුන් වන රණසිංහ,වීරසිංහ,උදය කුමාර , සුරාබදු සැරයන් මේජර් පොල්කොටුව , සුරාබදු සැරයන් ජයලත් ,සුරාබදු කෝප්‍රල්වරුන්වන 738 රාජපක්ෂ ,895 දිසානායක , සුරාබදු නියාමකවරුන්වන 1063 ශ්‍රිලාල් , නියාමක 1102 බටගල්ල , සුරාබදු රියදුරු කුලසූරිය යන නිලධාරීහු මෙම වැටලීම් සිදු කළහ.
