Spread the love

ගලි වලකට ඇදවැටීමෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කොළඹ මහ නගර සභාවේ අනියම් කම්කරු සේවයේ නිරතව සිටි දෙදෙනෙකි.

අද (27) දහවල් කොළඹ කොටහේන ප්‍රදේශයේ ගලි වලක නල පද්ධතියක් අලුත්වැඩියා කටයුතු සිදුකරමින් සිටියදී එක් අයෙකු එම වලට වැටී ඇත.

පසුව ඔහුව බේරාගැනීම සඳහා අනෙක් පුද්ගලයා ද එම වල තුළට බැස ඇති අතර ඔහුද එම වලට තුළට වැටී ඇති බව පොලීසිය පවසයි.

බරපතළ තත්ත්වයේ පසුවූ ඔවුන් දෙදෙනා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ 28 සහ 38 හැවිරිදි කොළඹ 10 සහ කොළඹ 14 ප්‍රදේශවල පදිංචිව සිටි පුද්ගලයින් දෙදෙනෙකි.