
ඔබගැන විස්තර ටිකක් කියමුද?
මම චලනි මධුෂිකා වීරසුරිය .මගේ ගම උඩුපිල .මම අධ්‍යාපනය ලැබුවේ බප/කැළ උඩුපිල වීර විජයබා මහා විද්‍යාලය

පාසල් අධ්‍යාපනයෙන් පසුව මොකද කරන්නේ-
ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උසස් අධ්‍යාපනය හදාරමින් සිටිනවා.

ඔබ කලාවට යොමුවුණේ කෙසේද?
දෙරණ නාලිකාවේ සංගීතේ නාට්‍යයේ චරිතයකට තමයි මට මුල්ම ආරාධනාව ලැබුණේ.මට රංගනයට අවස්ථාව උදාකර දුන්නේ හංසනී විමලසිරි අක්කාත් ,සසංක සහ පසිදු යන මගේ යහළුවන් දෙදෙනාත් තමයි.

ඔබේ ප්‍රථම රංගනය-
සංගීතේ නාට්‍යයේ මාෂාගේ චරිතය තමයි මගේ ප්‍රථම රංගනය .පසුව ධරණී නාට්‍යයේ හංසිගේ චරිතයටත් රංගනයෙන් දායක වෙනවා .එයට අමතරව වෙළද දැන්වීම් කිහිපයකටත් සහභාගිවුණා.

මේ දවස් වල මොකද කරන්නේ ?
මේ දිනවල මියුෂික් වීඩියෝවක රංගන කටයුතු වලට සහභිගි වෙමින් සිටිනවා.

ඔබේ කලා ජීවිතය ගැන තෘප්තිමත්ද?
ඇත්තෙන්ම ඔව්.මම සරල ගැහැණු ළමයෙක් .කලාවට පැමිණිමෙන් පසු මට ගොඩක් Comments ලැබුණා.මට යහළු යෙහෙළියන් පිරස තවත් වැඩි වුණා.ජීවිතයේ යම් වෙනසක් සිදු වුණා.ඒ ගැන මට ගොඩක් සතුටුයි.

ඔබේ පවුලේ විස්තර කියමුද ?
මගේ පවුලේ ඉන්නෙ අම්මයි ,තාත්තයි ,නංගියි ,මල්ලියි .එයාලා හැමෝගෙන්ම මට ලොකු සහයෝගයක් ලැබෙනවා.shooting වලට යද්දි අම්මාත් එක්ක තමයි යන්නේ .මගේ ජීවිතේ හොදම යාලුවා අම්මා තමයි.

ඔබගේ කලා දිවියට උදව් කළ අයගැනත් කියමු .
හංසනී අක්කත් ,සසංක සහ පසිදු මගේ යහළුවන් දෙදෙනාත් මේ අවස්ථාවේදී මතක් කරනවා.ධරණී ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂ ශ්‍රියන්ත ප්‍රසාද් අයියා ,නිදුක් අයියා සහ ප්‍රදීප් අයියාි ඇතුළු ධරණී නාට්‍යයේ සියළු ශිල්පීන්ටත් මට හිතවත් සියළු කලා ශිල්පීන්ටත් වචනයකින් හෝ මට සහායවන සියළු දෙනාටත් මගේ ස්තුතිය පිරිණමනවා.

කලාව ගැන ඔබේ අදහස-
මෙලොව ජීවත්වන සෑම පුද්ගලයකුට ම කලාව තුළින් උසස් රසවින්දනයක් ලබන්න පුලුවන් .උසස් නිර්මාණ බිහිකර ඒවා තුළින් ජනතාව අපේක්ෂා කරන රසවින්දනය ලබාදීම තමයි කලාවේ මුලික අරමුණ විය යුතු වන්නේ .

ඔබේ අනාගත බලාපොරොත්තු-
මාව හදුනන සුළු පිරිසක් හෝ වේවා ඒ අයගේ හිත්වල මතක හිටින ආදරණිය නිහතමානි චරිතයක් වීමත්. උසස් අධ්‍යාපන කටයුතු උසස් ලෙස නිමකර ගැනීමේ අරමුණ තමයි මගේ අනාගත බලාපොරොත්තුව වන්නේ.

”ඹබගේ සියළු සිතුම් පැතුම් ඔබ බලාපොරොත්තුවන අයුරින් ම ඉටුවේවායි ශ්‍රී රාජ් මාධ්‍ය ආයතනය ප්‍රාර්ථනා කරයි”.
NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com
