කඩුගන්නාව සහ දෙනියාය ප්‍රදේශවල සිදුවූ රිය අනතුරු දෙකකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.
පොලීසිය ප්‍රකාශ කළේ කඩුගන්නාව හේනාවල ප්‍රදේශයේදී යතුරුපැදියක් සහ ලොරි රථයක් එකිනෙක ගැටී එම අනතුර සිදුව ඇති බවය.
අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු හේනාවල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.
එසේ මියගොස් ඇත්තේ 44 හැවිරිදි මාලිගාතැන්න ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකු වන අතර අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.
මේ අතර දෙනියාය ප්‍රදේශයේ අතුරු මාර්ගයක කදු මුදුනක් සහිත ස්ථානයක සිට පහළට ගමන් කළ යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් පෙරළී යාමෙන් සිදුවූ අනතුරකින් යතුරුපැදිකාරියක් මියගොස් තිබේ.
එසේ මියගොස් ඇත්තේ 55 හැවිරිදි දෙනියාය පන්සල පාර ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බව පොලීසිය පැවසීය.