Spread the love

ජුලි 1 වනදා සිට ඉන්ධන සලාක ක්‍රමයට නිකුත් කිරීමේ ක්‍රමය ක්‍රියාත්මක කරන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි..

ඒ අනුව ඉන්ධන නිකුත් කිරීම සඳහා කාඩ් පතක් හඳුන්වාදෙන බවත් එය සති දෙකක් හෝ තුනක කාලයක් තුළ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා පවසයි.

සතියක් සඳහා ලීටර් 100ක සලාක කාඩ්පතක් හිමිවන පුද්ගලයෙක් සඳහා ලියාපදිංචි ඉන්ධන පිරවුම්හලෙන් ලීටර 60 ක් සහ අනෙකුත් පිරවුම්හල්වලින් ලීටර 40 ක් ලබාගත හැකියි .

කෙසේ නමුත් එක් එක් ක්ෂේත්‍ර සඳහා ඉන්ධන ලබාදෙන ප්‍රමාණයක් වෙනස් විය හැකි අතර තවම ලබාදෙන ඉන්ධන ප්‍රමාණ සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් ගෙන නොමැති බවත් ඉදිරියේදී එය ක්‍රියාත්මක වන ආකාරය දැනුම්දෙන බවඇමතිවරයා වැඩි දුරටත් පැවසුවේය.