Spread the love

පවතින ඩීසල් හිගය හේතුවෙන් ලබන සදුදා (06) සිට බස්රථ ධාවනය සීමා කිරීමට සිදුවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.

ඒ අනුව සදුදා සිට පෞද්ගලික බස් රථ, ඉදිරි සති දෙකක කාලයේදී තුනෙන් එකක ප්‍රමාණයක් ධාවනය වනු ඇති බව පැවසීය.

වැට් බද්ධ ඇතුළු බදු වර්ග කිහිපයක් ඉහල දැමීමෙන් බස් කර්මාන්තයට සිදුවන බලපෑම සමග සදුදා දිනයේදී බස් රථ ධාවනයෙන් ඉවත්වීමට තීරණය කර තිබුණද පාසල් ආරම්භ වීම හේතුවෙන් එම තීරණය අත්හිටුවීමට තීරණය කළ බව සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය