Spread the love

කොළඹ වරාය ආසන්නයේ දින 12 ක් පුරා නැංගූරම්ලා තිබූ ඩීසල් තොග රැගත් නෞකාවට අදාළ මුදල ගෙවූ බව බලශක්ති අමාත්‍යංශය පවසනවා.

අදාළ නෞකාවේ ඩීසල් මෙට්‍රික් ටොන් 20,000ක් තිබෙන බවත් එය නිදහස් කර ගැනීම සඳහා එම නෞකාව හිමි සිංගප්පූරු සමාගමට අමෙරිකානු ඩොලර් මිලියන 42ක් ක් ගෙවූ බවයි බලශක්ති අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.

ඉන්දීය ණය පහසුකම යටතේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35,000 ක් රැගෙන තවත් නෞකාවක් මෙරටට පැමිණ ඇති බවද වාර්තා වනවා.