Spread the love

ඩීසල් මෙට්ට්‍රික්ටොන් 40000 රැගෙන (16) ඊයේ මෙරට සේන්දු වූ නෞකාවෙ ඩීසල් තොග බෙදා හැරීම (17) අද ආරම්භ කරන බව  බලශක්ති අමාත්‍යංශය පවසයි.

තවත් ඉන්ධන නෞකා කිහිපයක් මේවන විට ඇනවුම් කර තිබේ.එම ඉන්ධන තොග ඉදිරි සති කිහිපයේ මෙරටට ළඟා වීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශය පවසයි.

මේ අතර මේවන විට ඩීසල් සහ පෙට්‍රල් හිඟය හේතුවෙන් ජනතාව දැඩි පීඩාවට පත්ව සිටියි.ඉන්ධන පිරවුම් හල් ආශ්‍රිතව පැවැති ඉන්ධන පෝලිම් මේවන විට තවදුරටත් දිගුවී තිබේ.