Spread the love

පවතින ඩීසල් හිඟය ඉදිරි දින දෙක තුන තුළ පහව යනු ඇතිබව බල ශක්ති අමාත්‍යංශය පවසයි.

මේවන විට මෙරටට රැගෙනා ඩීසල් නෞකා දෙකකින් ඩීසල් ගොඩබාමින් තිබේ.එම නෞකා දෙකෙ ඩීසල් මෙට්ට්‍රික්ටොන් 65000 පමණ ඇතිබව එම අමාත්‍යංශය සදහන් කරයි.

මේවනවිට ඩීසල් ගොඩබෑම අවසන් අදියරේ පවතියි.මේ අතර මෙරටට ළඟාවු දැවිතෙල් නෞකාවේ දැවි තෙල් ගොඩබෑමේ කටයුතු ක්‍රියාත්මක බව බලශක්ති අමාත්‍යංශය සදහන් කරයි.

තවත් ඩීසල් නෞකාවක් මෙරටට පැමිණ තිබේ.එම නෞකාවටද ගෙවීම් කිරීමෙන් අනතුරුව ඩීසල් ගොඩබෑම ක්‍රියාත්මක කරන බව වැඩිදුරටත් බල ශක්ති අමාත්‍යංශය සදහන් කරයි.