Spread the love

ඩෙංගු රෝගය තුරන් කිරීම සදහා පුළුල් ජාතික මෙහෙයුමක් ක්‍රියාත්මක බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

ඒ සදහා බහු පාර්ශවික ප්‍රවේශය ශක්තිමත් කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබේ.

2021 වසරේ නොවැම්බර් මාසය වන විට ඩෙංගු රෝගීන් 25910 ක මෙරටින් වාර්තා වී තිබේ. ඉන් රෝගීන් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතිබව එම ඒකකය පවසයි.

මෙය ඉතා අවධානම් තත්ත්වයක් බැවින් ඉදිරි මෝසම් සමයේ මෙම තත්ත්වය තවත් උග්‍ර වීමට ඉඩ ඇතිබව වැඩිදුරටත් ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.