Spread the love

ශ්‍රී ලංකාව තුළ ඩෙංගු වසංගතය යලි ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පවසයි.

බස්නාහිර පළාත තුළ ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ අගයක් ගන්නා බවත් කොළඹ, ගම්පහ, කළුතර, යන දිස්ත්‍රික්නු වලට අමතරව , ගාල්ල, යාපනය, රත්නපුර, කෑගල්ල යන දිස්ත්‍රික්ක හඳුනාගෙන තිබේ .

2022 වර්ෂයේ මේ දක්වා ඩෙංගු රෝගීන් 26,622 දෙනෙකු හඳුනාගෙන ඇති අතර පසුගිය දින 8 ක කාලය තුළ පමණක් ඩෙංගු රෝගීන් 2416ක් වාර්තාවී තිබේ.

මේ දිනවල කිසියම් පුද්ගලයකුට උණ , ඇඟපත වේදනාව වැනි රෝග ලක්ෂණ ඇත්නම් වෛද්‍ය උපදෙස් නොපමාව ලබා ගන්නා ලෙස ජාතික බෝවන රෝග මධ්‍යස්ථානයේ කායික රෝග විෂශ්ඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම වැඩිදුරටත් සඳහන් කරයි.