ඩොලරයේ අගය එකවර විශාල පහත වැටීමක් ශ‍්‍රී ලංකා මහ බැංකුව මැදිහත්වී වැළැක් වූ බව මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරයි.
දවස් පහක් තුළ ඩොලර් මිලියන 308 මහ බැංකුව මැදිහත් වී මිලදී ගත් නිසා එම විශාල මුල්‍ය ඝට්ටනය නවතා ගැනීමට හැකි වු බවත් එසේ නොවූයේ නම් ඩොලරය පහළ යාම කොහෙන් නතර වේ දැයි සිතාගත නොහැකි බවත් හෙතෙම පැවසීය.
විනිමය අනුපාත විශාල වශයෙන් එකවර ඉහළ පහළ යාම ඕනෑම ආර්ථිකයට නුසුදුසු දෙයක් බවත් හෙතෙම සඳහන් කරයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ පැවති මාධ්‍ය හමුවේදී ඔහු මේ අදහස් පළ කළේය.