Spread the love

අමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 370 දක්වා ඉහළ ගොස් ඇත.

දෛනික විනිමය අනුපාතිකයට අනුව මෙරට ප්‍රධානතම වාණිජ බැංකුවල ඩොලරයක විකුණුම් මිල රුපියල් 370 දක්වා ඉහළගොස් ඇති බවට දක්වා තිබෙනවා. පසුගියදා මහ බැංකුව ඩොලරයට සාපේක්ෂව රුපියල වැඩි අගයකින් පා කිරීමට ශ්‍රී ලංකා මහබැංකුව තීරණය කළ අතර ඒ හේතුවෙන් ඩොලරයේ අගය 360 දක්වා පසුගියදා ඉහළ ගියා. කෙසේවෙතත් මහ බැංකුව අද නිවේදනය කර තිබුණේ ඩොලරයක ගැනුම් මිල රු. 350.05 ක් සහ විකුණුම් මිල රු. 362.99 ක් වන බවයි.