Spread the love

මාර්තු මාසයේ මෙරට නිල සංචිත අමෙරිකානු ඩොලර් බිලියන 1.93 ක් දක්වා අඩු වී තිබෙනවා. ඒ, එම අගය වාර්තා වන්නේ විදේශ මුදල් සංචිත ඩොලර් බිලියන 1.72 ක් සහ රන් සංචිත ඩොලර් මිලියන 29 ක් වශයෙන්. කෙසේ වෙතත්, පෙබරවාරි මාසයේ මෙරට සංචිත ඩොලර් බිලියන 2.3 ක් ලෙස දැක්වුණා

මුදල් සංචිත ඩොලර් බිලියන 2.02 ක් සහ රන් සංචිත ඩොලර් මිලියන 98 ක් එම සංචිතවලට ඇතුළත් වුණු බවයි මහ බැංකුව ප්‍රකාශ කළේ. ඒ අනුව නිල සංචිත වත්කම් 16.1% කින් පෙබරවාරි මාසයට සාපේක්ෂව මාර්තු මාසයේදී පහත වැටී තිබෙනවා.

විදේශ විනිමය සංචිත පහත වැටීමත් සමඟ රන් සංචිතයද පහත වැටීම අඛන්ඩව සිදුවූ අතර, මහ බැංකුව ප්‍රකාශ කළේ ද්‍රවශීලතාව ඇති කිරීමේ පියවරක් ලෙස එලෙස රන් සංචිත විකිණූ බවයි.