Spread the love

රට තුළ ඩොලර් හිඟයක් පැවතුනත් ජනතාවට අවහිරයක් නොවන අයුරින් විසඳා ගැනීමට රජයක් වශයෙන් සාමූහිකව කටයුතු කරන බව විදුලිබල ඇමති ගාමිණි ලොකුගේ මහතා පවසයි.
අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ, අද (20) පෙරවරුවේ පිළියන්දල නව නගර සැලැස්ම යටතේ රුපියල් මිලියන 498 ක මුදලකින් ඉදිකෙරෙන නව වෙළද සංකීර්ණයේ පැවැති උත්සවයට එක් වෙමිණි.
මෙහිදී අදහස් දැක්වු ඇමතිවරයා ,

අද රටක් වශයෙන් අප සිටින්නේ ඉතාමත් දුෂ්කර අවස්ථාවක. ජනාධිපතිතුමන් සිය ධූරය බාරගෙන මාසයක් යද්දි, මේ රටට කොරෝනා උවදුරට මුහුණ දෙන්න සිදුවුණා. ඒ අවස්ථාවේ රට වහනකොට. අපනයන සීමාවනවිට, ජනතාවගේ ආර්ථික මාර්ග අවහිර වන්නට පවන්ගත්තා. අදටත් ඒ අවහිරතාව එලෙසමයි. මේ ආකාරයට රට තුළ ඩොලර් ප්‍රමාණය හිගවීම, විදුලිය, බලශක්තිය වැනි විවිධ ක්ෂේත්‍රයන්ට අහිතකර ලෙස බලපානු ලැබුවා. නමුත් අපි ආණ්ඩුවක් වශයෙන් එම බලපෑම් රටේ ජනතාවට පීඩාවක් නොවන අයුරින් විසදගැනීමට මේ වනවිට පියවර ගෙන තිබෙනවා. ජනතාව අප වෙත පූර්ණ විශ්වාසය තබමින් මෙම ආණ්ඩුව බලයට පත්කිරීමට ලබාදුන් ඡන්දය වෙනුවෙන් අපි ඔවුන්ගේ යටිතල පහසුකම් ලබාදෙමින්, ඔවුන්ට යහපත් ජීවන මට්ටමක් ලබාදීමට ඇපකැපවී කටයුතු කරනවා යැයි විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවසීය.

පිළියන්දල නගරයට තිබූ විශාල අඩුපාඩුවක් අද මේ සම්පූර්ණ වෙන්නේ. මහින්ද රාජපක්ෂ මහතාබ එදා ආණ්ඩුව බාරදීලා යද්දි, මේ බස් නැවතුම්පොළ හදන්න පටන් අරන් තිබුණේ. නමුත් නැවතත් අපි බලයට පැමිණෙන තුරුත්, මෙහි වැඩ අවසන් කරගන්න ඒ ආණ්ඩුවට හැකියාවක් ලැබුණේ නැහැ. අපේ ආණ්ඩුව පත්වීමත් සමගින් මට හැකියාව ලැබුණා මේ වෙළදපොල, බස් නැවතුම්පොල ඉදිකරන්න. මේ නගරයේ සැලසුම් සකස් කරන්න. ඒ වගේම කොළඹ දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ඨාශ අතරින් වැඩිම පහසුකම් සහිත කොට්ඨාශය බවට කැස්බෑව පත්වෙමින් තිබෙනවා. අද කැස්බෑව ආසනයේ සෑම පාරකටම විදුලිය මෙන්ම ජලය තිබෙනවා. මෙම සෑම මාර්ගයක්ම කාපට් කර අවසන් කිරීමයි අපේ ඊලග අරමුණ වන්නේ. මේ ආසනයේ තවත් සංවර්ධන කටයුතු දෙකක් පමණයි ඉතිරි වී තිබෙන්නේ. ඒ තමයි මහරගම පිළියන්දල මාර්ගය වැඩිදියුණූ කිරීම. අනෙක තමයි 255 මාර්ග සංවර්ධනය. ඉදිරි වසර 3 ඇතුළත මෙම සංවර්ධන කටයුතු දෙකත් වැඩ ආරම්භ කිරීමට මේ වනවිට සැලසුම් සකස් කර තිබෙනවා.