
මෙරට තුළ සංචරණ සීමා ඉවත්කිරීමේ තත්ත්වය යටතේ තවත් කොරෝනා රැල්ලක් ඇති වීමේ දැඩි අවදානමක් ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි.
, තවත් කොවිඩ් රැල්ලක් ඇති වීම වැළැක්වීම සඳහා සීමාකිරීම් සහ නීති ක්‍රියාත්මක වන සන්දර්භය සලකා බැලීමේ දී මින් පෙර පැවති සෑම අවස්ථාවකට වඩා මෙම අවස්ථාවේදී නිශ්චිත පියවර ගනු ලැබීම ඉතා වැදගත් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකරමින් එම සංගමය පෙන්වාදෙන්නේය.
නැවත කොවිඩ් රැල්ලක් ඇති වීම වළක්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් නිර්දේශ 4ක් ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති ලිපියේ සඳහන් කර තිබේ.
ඉතා හොඳ අධීක්ෂණයක් යටතේ වත්මන් නීති හා සීමාකිරීම් දැඩි ලෙස බලකාත්මක කිරීම, ප්‍රමුඛතා කණ්ඩායම් සඳහා ෆයිසර් එන්නතේ තුන්වන මාත්‍රාව ලබාදීම, එම නිර්දේශයන්වලට ඇතුළත්ය.
මේ අතර පාසල් ළමුන් එන්නත්කරණ කටයුතු මේ වන විට ඉතා සාර්ථකව සිදුකරමින් පවතින බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.
එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා ප්‍රකාශ කළේ, පාසල් ළමුන් 340,000කට අධික පිරිසක් මේ වන විට එන්නත්කරණයට භාජනය වී ඇති බවය.