Spread the love

සංගීත සංදර්ශන ඇතුළු සමාජ ඒකරාශීවීම් හේතුවෙන් විශාල වශයෙන් කොවිඩ් වෛරසය පැතිරීමේ දැඩි අවදානමක් මතුව ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.

මේ හේතුවෙන් එන්නතට ප්‍රතිචාර නොදක්වන කොවිඩ් ප්‍රභේදයක් වර්ධනය වීමේ වැඩි හැකියාවක් පවතින බව පැවසීය.මෙම තත්ත්වය හමුවේ තවත් කොවිඩ් රැල්ලක් නිර්මාණය විය හැකි බව එහිදී පැවසීය.

නිසි ක්‍රියාපිළිවෙතක් නොමැති වීම හමුවේ ගතවූ දින 28 ක පමණ කාලය තුළදී අඛණ්ඩව දෛනික ආසාධිතයන් නමසිය ඉක්මවා වාර්තා වී ඇති බව සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.