Spread the love

මැදවච්චිය මෛත්‍රීපුර ජලපොම්පාගාරය අසලදී රජය විසින් තහනම් කර ඇති වල්නාශක තොගයක් සමඟ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇතිබව මැදවච්චිය පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 22 ක්වූ උපුල්දෙණිය ප‍්‍රදේශයේ පදිංචි කරුවෙකි. සැකකරු සතුව තිබී ග්ලයිෆොසේට් තහනම් වල්නාශක ග‍්‍රෑම් 100 බැගින් අඩංගු පැකට් 500ක් තිබි හමුවී තිබේ.

මැදවච්චිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.