Spread the love

ත්‍රීරෝද රථ සඳහා ඉන්ධන ලබාදීම ඉදිරියේදී ගැටලුවක් නොවන අකාරයන් පවත්වාගෙන යමට රජය සැලසුම් කර ඇති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි.

ත්‍රීරෝද රථ සංගම් නියෝජිතයන් සමග පැවති රැස්වීමකදී අග්‍රාමාත්‍ය මේ බව සදහන් කර තිබේ.
මේ අතර මෙහිදී ත්‍රීරෝද රථ නියාමන ආයතනයක් පිහිටුවීම සඳහා සහයෝගය ලබා දීමට අගමැතිවරයා කැමැත්ත ප්‍රකාශ කර ඇතිබව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සදහන් කරයි.

රටට මාසයකට අවශ්‍ය ඉන්ධන ගෙන්වීම සඳහා ඩොලර් මිලියන 500ක් අවශ්‍ය වෙයි.එබැවින් ඉදිරියේදී රට මුහුණ දෙන අර්බුදය හමුවේ ත්‍රීරෝද රථ කර්මාන්තය ආරක්ෂා කර ගැනීම සඳහා ගතයුතු ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් මෙහිදී දිර්ඝ ලෙස එහදි  සාකච්ඡා කර තිබේ.
මේ අතර ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ නියොජිතයන් සමග ද අග්‍රාමාත්‍යවරයා සාකච්ඡා කර බව එම අංශය සදහන් කරයි.
එහිදී ඉන්ධන පිරවුම්හල් වල ආරක්‍ෂාව හා ඉන්ධන ලබාදීම ක්‍රමවත් කිරීම පිළිබඳ වැඩිදුරටත් සාකච්ඡා වූ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය වැඩිදුරටත් සදහන් කරයි.