Spread the love

ඊයේ (24) දහවල් ත්‍රීරෝද රථයකට හදිසියේ ගිනි ඇවිලීමෙන් එහි සිටි පුද්ගලයෙකු පිළිස්සී ජීවිතක්ෂයට පත්වී ඇත.

මහව පොලිස් වසමේ ගල්ලෑව, කොන්වැව ප්‍රදේශයේ දී එම අනතුර සිදුවී නිබිණ.

මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ කොන්වැව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 73ක අයෙකු බව මහව පොලීසිය පවසයි.