Spread the love

මෙරට පාරිභෝගිකයින්ට අඩු මිලට ගෑස් ලබාදීමට නව සැපැයුම්කරුවෙකු සොයා ගැනීමට ලිට්‍රෝ සමාගම කටයුතු කර තිබෙනවා.

රටේ පවතින ගෑස් අර්බුදයට විසඳුම් දීම සඳහා ලබා දීම සදහා ලිට්‍රෝ නව සභාපති විජිත ‍හේරත් මහතා මෙම නව සමාගම පිළිබඳව අදහස් දක්වමින් පවසා සිටියේ තායිලන්තයේ සියාම් ගෑස් සමාගම මෙම නව සැපැයුම්කරුවා ලෙස තෝරාගෙන ඇති බවයි.

සියාම් සමාගම හරහා වත්මන් ගෑස් සැපැයුම්කරුවාට වඩා අමෙරිකානු ඩොලර් මිලියන 09ක් අඩුවෙන් ගෑස් ලබාගැනීමට හැකියාව ඇති බවයි ලිට්‍රෝ සභාපතිවරයා පෙන්වා දෙන්නේ.